28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeGossipවසර 21කට පසු විවාහක රූ රැජිණ කිරුළ ඉන්දියාවට

වසර 21කට පසු විවාහක රූ රැජිණ කිරුළ ඉන්දියාවට

2022 වසරේ ලෝක විවාහක රූ රැජිණ කිරුළ ඉන්දියාවට හිමිව තිබෙනවා.

ලෝක විවාහක රූ රැජිණ කිරුළ ඉන්දියාව විසින් දිනා ගත්තේ වසර 21 කට පසු වීමද විශේෂත්වයක්.

ඒ අනුව ඇමෙරිකාවේ ලාස් වේගාස්හි පැවති 2022 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස ඉන්දියානු සුරූපිනී සර්ගාම් කෝෂාල් කිරුළු පැළඳියා.

මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය පොලිනීෂියානු සුරූපිනියටත්, තෙවැනි ස්ථානය කැනඩා සුරූපිනියටත් හිමි වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වුණේ ඌෂි පෙරේරායි.

මෙම තරගාවලිය සඳහා රටවල් 63ක් නියෝජනය කරමින් තරඟකාරියන් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.