32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහනා සිංගර් හා ජනපති රනිල් අතර හමුවක්

හනා සිංගර් හා ජනපති රනිල් අතර හමුවක්

සේවා කාලය අවසන් කර සිය රට බලා නික්ම යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් අද (19) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවුණා.

අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඇය ජනාධිපතිවරයා හමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

හනා සිංගර් සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා ඇය ශ්‍රි ලංකාව වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක් කරමින් ස්තූතිය පිරිනැමුවා.

හනා සිංගර් 2018 සැප්තැම්බර් 07 දා සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කළා.