ලබන ජනවාරි මස 05 වැනිදා සිට මාස පහක කාලයක් අනුරාධපුර සිට වව්නියාව දක්වා වන දුම්රිය මාර්ගය වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ එම මාස පහක කාලය තුළ කොළඹ කොටුව සිට අනුරාධපුර සහ අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා පමණක් දුම්රිය ධාවනය වන බවයි.
අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා මගීන්ගේ ගමන් පහසුව සඳහා බස් රථ යොදවනු ලබන අතර කන්කසන්තුරය – මුරුක්කණ්ඩි දක්වා ධාවනය වන ‘යාල්රාණි’ දුම්රිය එම කාලය තුළ වව්නියාව දක්වා ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.