― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඋසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව

අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා 2021 (2022) වර්ෂයේදී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 23 වැනිදායින් අවසන් වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ශිෂ්‍යත්ව අපේක්ෂකයන් අදාළ අයදුම්පත්‍ර විදුහල්පති මගින් ලබාගෙන එය නිසි පරිදි සම්පූර්ණ කර ආදායම් තත්ත්වය පිළිබඳ ග්‍රාම නිලධාරී නිර්දේශය සහිතව 23 වන දිනට පෙර විදුහල්පති වෙත භාරදීම විධිමත් ක්‍රමවේදයයි.

එම අයදුම්පත්‍ර විදුහල්පතිවරු විසින් කලාප අධ්‍යාපන කාර්යාල හරහා ජනාධිපති කාර්යාලය වෙත භාර දීම සිදු කරනු ඇති.

නමුත් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් නොමැතිකම හේතුවෙන් අයදුම් පත් විශාල සංඛ්‍යාවක් සෘජුව ජනාධිපති අරමුදල වෙතද යොමු කර තිබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එබැවින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ කටයුතු ප්‍රමාදයකින් ‍තොරව විධිමත්ව ඉටුකර ගැනීම සඳහා එම අයදුම්පත් සෘජුව ජනාධිපති අරමුදල වෙත යොමු නොකර, අදාළ විදුහල්පතිවරු වෙත භාරදෙන ලෙසට සියලු ශිෂ්‍යත්ව අපේක්ෂකයින් වෙත දැනුම් දෙනවා.

ශිෂ්‍යත්ව සුදුසුකම් ලැබීමට අයදුම්කරුවන්ගේ පවුලේ මාසික ආදායම රුපියල් 75,000 නොඉක්මවිය යුතු අතර රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක හෝ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් විය යුතුයි.

අයදුම්කරු 2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අපොස (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට 2024 වර්ෂයේදී අපොස (උ.පෙළ) හැදෑරීම සඳහා සම්පූර්ණ සුදුසුකම් ලැබ සිටිය යුතු වනවා.

එක් අධ්‍යාපන කලාපයකට හිමිවන ශිෂ්‍යත්ව ප්‍රමාණය 30ක් වන අතර, එලෙස ‍තෝරා ගන්නා ශිෂ්‍යත්වලාභීන්ට අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මසකට රුපියල් 5,000.00 බැගින් මාස 24ක උපරිම කාලසීමාවක් සඳහා ශිෂ්‍යාධාරය පිරිනමනු ලබනවා.