කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් තමන් අගරදගුරු පදවියෙන් විශ්‍රාම යාමට සූදානම් බව පවසමින් ශුද්ධෝත්තම පියතුමන් වෙත ලිපියක් යවා තිබේ.
අගරදගුරුවරයෙකු වයස අවුරුදු 75 සම්පූර්ණ වූ පසු ඉල්ලා අස්වන බව ප්‍රකාශ කිරීම සාමාන්‍ය සම්ප්රදායකි.
ඒ අනුව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ මේ බව පාප් වහන්සේට දන්වා ඇත.
එවැනි ප්‍රකාශයකින් පසුව අගරදගුරු හිමිපාණන් එම තනතුරේ තබා ගන්නවාද නැද්ද යන්න ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් තීරණය කරනු ඇති බවද සඳහන්.