27 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩයනාගේ පාස්පෝට් එක ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ඩයනාගේ පාස්පෝට් එක ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඩයනා ගමගේට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලමින් ඔහු මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවත් එබැවින් ඇයට රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආගමන හා විගමන පනතට පටහැනි ක්‍රියාවක් බව ඔහු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ.