― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalදරුවන්ගේ බෑග් පරීක්ෂා කරද්දී අහුවෙන්නේ හිස් කෑම පෙට්ටි

දරුවන්ගේ බෑග් පරීක්ෂා කරද්දී අහුවෙන්නේ හිස් කෑම පෙට්ටි

දරුවන්ගේ බෑග් පරීක්ෂා කරද්දී අහුවෙන්නේ හිස් කෑම පෙට්ටි බවත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බලවතුන් අත්අඩංගුවට නොගෙන නිසි පෝෂණයක්වත් නොමැති පාසල් ළමුන්ගේ බෑග් පරීක්ෂා කිරීම විහිළුවට කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ පනහක් වටිනා බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ රටේ පාසල් පද්ධතිය තොරතුරු තාක්ෂණයෙන්, පරිගණක විද්‍යාව, කෘතීම බුද්ධිය වැනි නව ප්‍රවණතාවලින් ශක්තිමත් කරනවා වෙනුවට වත්මන් රජය සිදු කරන්නේ මත්ද්‍රව්‍ය සොයා පාසල් යන දූදරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීම බවත් එවිට දකින්නට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය වෙනුවට හිස් කෑම පෙට්ටි සහිත බෑග් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බලවතුන් අත්අඩංගුවට නොගෙන නිසි පෝෂණයක්වත් නොමැති පාසල් ළමුන්ගේ බෑග් පරීක්ෂා කිරීම විහිළුවට කරුණක් බවත් ඒ මහතා පැවසීය. පාසල් සිසුන්ගේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ ගොස් දෙමාපියන්ට කන්න දෙන්න විදිහක් නැති අවස්ථාවක ආණ්ඩුවේ කාර්යභාරය විය යුත්තේ පාසල් බෑග් පරීක්ෂා කිරීම නොව ඔවුන්ට නිසි පෝෂණයක් ලැබෙන වැඩපිළිවෙළක් සකස් කිරීම බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඉදිරියේ දී සමගි ජන බලවේගය බලයට පත් වූ පසු මෙරට 43 ලක්ෂයක් වූ පාසල් දූ දරුවන්ට පාසල් කාලයේ දී පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දෙන බව පැවසීය.

දෙවැනි ලෝක සංග්‍රාමයේ දී න්‍යෂ්ටික අවි ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි යන නගරවලට පතිත කිරීම තුළ විශාල විනාශයක් එකී නගර තුළ සිදු වුවත් නැවත ජපානය හිස ඔසවා ලෝකයේ බලවත්ම රාජ්‍යයක් බවට පත් වූයේ නූතන ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම තුළින් බවත් ෆින්ලන්තය වැනි රටවල් සියවසක් ඉදිරියට අධ්‍යාපන සැලසුම් නිර්මාණය කර දියුණු අධ්‍යාපන ගමනක් ක්‍රියාත්මක කරන බවත් එමෙන් ම වියට්නාමය වැනි රටවල් තාක්ෂණික සහ කාර්මික අංශයෙන් විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇත්තේ අධ්‍යාපනය ශක්තිමත් කිරිම තුළින් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම කාලාන්තරයක් පුරා අපේ රටේ ඇත්තේ ගිරව් වැනි කටපාඩම් කිරීමේ අධ්‍යාපන ක්‍රමයක් වුවත් අප රටට අවශ්‍ය වන්නේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.