― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalනන්දලාල් වීරසිංහ පොදු අපේක්ෂකත්වයට?

නන්දලාල් වීරසිංහ පොදු අපේක්ෂකත්වයට?

මහ බැංකු අධිපති ධූරයට පත්වන පුද්ගලයා අනිවාර්යයෙන්ම ස්වාධීන අයෙකු විය යුතු බවත් දේශපාලනයට අවතීරණ වීමට අභිලාෂයක් ඇති පුද්ගලයෙක් කිසිම අයුරකින් මහ බැංකු අධිපති ධූරයට පත් නොවිය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික පුවත්පතක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදීය.

එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් වන බවට පළවන වාර්තා සියල්ල අසත්‍ය බවත් තමන් කිසිම විටෙක පක්ෂ දේශපාලනයට හෝ මොනම ආකාරයක හෝ දේශපාලනයකට අවතීර්ණ නොවන බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

මහ බැංකු අධිපති විදියට හෝ වෙන කිසිම ආකාරයකට මගේ කිසිම වෙලාවක කිසිම කාලෙක දේශපාලනයේ, පක්ෂ දේශපාලනයේ හෝ මොනම දේශපාලනයක යෙදීමට කිසිම බලාපොරොත්තුවක් නැහැ. එහෙම අදහසක් මගේ ඇත්තෙම නැහැ. ඇත්තවශයෙන්ම මගේ අදහස මහ බැංකු අධිපති කෙනෙකුට ඒ වගේ අදහසක් නොතිබිය යුතුයි. එහෙම කියන්න හේතුවක් තියෙනවා. මහ බැංකු අධිපති කෙනෙක් කියන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන වගකීම තියෙන පුද්ගලයා. මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී ජනප්‍රිය තීන්දු නෙමෙයි ගන්න තියෙන්නේ. අපි පොලී අනුපාතය වැඩි කළා. ජනප්‍රිය නැහැ. හුඟදෙනෙක් අකමැතියි ඒකට.

නමුත් මම දේශපාලනය කරන්න බලන් ඉන්න පුද්ගලයෙක් නම්, මම ඒ තීන්දුව ගන්නේ නැහැනේ. මට ඕනෑ ජනප්‍රිය තීන්දු ගන්න. ඒ නිසා තමයි පළවෙනි මූලධර්මය මහ බැංකු අධිපති කෙනෙක් ස්වාධීන වෙන්නේ ඕනේ. මහ බැංකුවත් ස්වාධීන වෙන්නෙ ඕනේ. පත් කරන පුද්ගලයත් ස්වාධීන වෙන්නේ ඕනේ. පත්වන පුද්ගලයා දේශපාලනය නොකරන පුද්ගලයෙක් වෙන්න ඕන. දේශපාලනය කිරීමට බලාපොරොත්තුවක්වත් නැති පුද්ගලයෙක් වෙන්න ඕනේ. එතකොට තමයි මහ බැංකුවක ස්වාධීනය නිවැරදි, ජනප්‍රිය හෝ ජනප්‍රිය නොවන තීන්දු ගන්න පුළුවන් වෙන්නේ. ඒක මූලික අවශ්‍යතාවයක්. එහෙම තියෙන පුද්ගලයෙක් මහ බැංකු අධිපති නොවිය යුතුයි, කිසිම දවසක. ඒ වෙච්ච නිසා තමයි අද අපිට මේ තත්ත්වෙ වෙලා තියෙන්නේ කියන එක තමයි මගේ අදහස. මම මහ බැංකු අධිපති කෙනෙක් විදියට මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේක කවදාවත් කරන්නේත් නැහැ.