26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportපාපන්දු අනුශූරතාව දිනූ ප්‍රංශ කණ්ඩායම මව්බිමට

පාපන්දු අනුශූරතාව දිනූ ප්‍රංශ කණ්ඩායම මව්බිමට

2022 පාපන්දු ලෝක කුසලානයේ අනුශූරයින් බවට පත් වූ ප්‍රංශ කණ්ඩායම ඊයේ (19) රාත්‍රියේ සිය මව්බිමට පැමිණියා.

පැරිස් ගුවන්තොටුපොළෙන් සිය මව්බිම වෙත පැමිණි ජගත් පාපන්දු පිටියේ අනුශූරයින් පිළිගැනීම සඳහා දස දහස් සංඛ්‍යාත ජනකායක් එහි පැමිණ සිටි බවයි විදෙස් මධ්‍ය වාර්තාකර තිබුණේ.

එහිදී හියුගෝ ලෝරිස් ප්‍රමුඛ ප්‍රංශ පාපන්දු කණ්ඩායමට උණුසුම් පිළිගැනීමක් හිමිවූ ආකාර දැකගත හැකිවුණා.

කෙසේ වෙතත් ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඩිඩියර් ඩෙෂාම්ප්ස් සහ ක්‍රීඩකයින් මව්බිමට පැමිණීමෙන් පසු උණුසුම් පිළිගැනීමක් හිමිවුව ද කයිලියන් ම්බාපේ ඇතුළු කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසකගේ මුහුණේ පරාජයේ වේදනාව තවතමත් රැඳී තිබෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.