― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportපාපන්දු ලෝක කුසලානයෙන් ඩොලර් බිලියන 7.5ක ආදායමක්

පාපන්දු ලෝක කුසලානයෙන් ඩොලර් බිලියන 7.5ක ආදායමක්

කටාර්හිදී නිමා වූ 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වාණිජ ගනුදෙනුවලින් පෙර නොවූ විරූ ආදායමක් උපයා ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය තුළ උපයා ඇති සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් බවයි FIFA ඊයේ දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් 2022 කටාර් ලෝක කුසලානයට පෙර වසර හතර සඳහා ඩොලර් බිලියන 4.7 ක පමණ මුළු ආදායමක් මීට පෙර පුරෝකථනය කර තිබුණා. කටාර් ලෝක කුසලානයේ වාණිජ ගනුදෙනු හරහා දළ වශයෙන් ලැබූ ඇමරිකානු ඩොලර් බිලියන 7.5 ක අදායම පසුගියවර රුසියාවේ පැවති තරගාවලියේ දී (2018) ඉපැයූ ආදායමට වඩා ඩොලර් බිලියනයක වැඩිවීමක්.

FIFA සිය ආදායමෙන් වැඩි ප්‍රමාණයක් මූලාශ්‍ර කිහිපයක් ඔස්සේ ලබාගෙන ඇති අතර, රූපවාහිනී විකාශන අයිතිය, අලෙවිකරණ අයිතීන්, සත්කාරක අයිතිවාසිකම් සහ ප්‍රවේශපත්‍ර අලෙවිය එම මූලාශ්‍ර කිහිපයක්. මෙම මුළු ඉපැයීම්වලින් විශාලතම දායකත්වය ලැබී ඇත්තේ රූපවාහිනී විකාශන අයිතීන් පිරිනැමීමෙන් ලද ආදායමයි.

මේ අතර මූලික වශයෙන් විකාශන සහ අනුග්‍රාහක ගිවිසුම් මෙන්ම NFL ක්‍රීඩාංගන කිහිපයක පැවැත්වෙන තරඟයකදී ප්‍රවේශපත්‍ර අලෙවිය සහ ආගන්තුක සත්කාරය ඔස්සේ 2026 ලෝක කුසලානය සඳහා 50%කට ආසන්න ආදායමක් FIFA අපේක්ෂා කරනවා. ඒ අනුව එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාව යන උතුරු ඇමරිකානු රටවල් තුනක් විසින් සත්කාරකත්වය දරණ 2026 ලෝක කුසලානය පාපන්දු තරගාවලියේ දී ඇමරිකානු ඩොලර් බිලියන 11 ක මුළු ආදායම ඇස්තමේන්තු කර තිබෙනවා.