28.9 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහබැංකු පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

මහබැංකු පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මස 29 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී යි මෙම කෙටුම්පත් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණේ.

ඒ අනුව සකස් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත නොවැම්බර් මස පළමුවනදා රජයේ ගැසට් පත්‍රයේ පළ කර තිබූ අතර අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණ ද න්‍යාය පුස්ථකයට එය ඇතුලත් කර තිබී නැහැ.

වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමට හැකිවන අයුරින් මුල් පනත් කෙටුම්පතට නව සංශෝධන ඇතුලත් කරමින් වැඩිදියුණු කර තිබෙනවා.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය ලැබී තිබෙනවා.