26.7 C
Colombo
Saturday, August 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහින්ද-බැසිල්-ගෝඨා-රනිල් සුපිරි විවාහ උත්සවයකට ගිහින්?

මහින්ද-බැසිල්-ගෝඨා-රනිල් සුපිරි විවාහ උත්සවයකට ගිහින්?

හිටපු ජනාධිපති ලේකම්වරයකු වූ ගාමිණී සෙනරත්ගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවය ඊයේ (19) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පවත්වා ඇති බව වාර්තා වෙයි.

මෙම මංගල උත්සවය සඳහා ඉහළම ප්‍රභූ පැලැන්තිය, ඉහළම ව්‍යාපාරික ප්‍රජාව, පොහොට්ටුවේ දේශපාලන ප්‍රධානීන්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටි බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරුන් තිදෙනෙක් මෙම උත්සවයට සහභාගී වීම මෙම මංගල උත්සවයේ වැදගත්ම සිදුවීමයි. හිටපු ජනාධිපති ‌මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම විවාහ මංගල උත්සවය සඳහා සහභාගී වී තිබේ.

මොවුන් තිදෙනා සහ බැසිල් රාජපක්ෂ එකම මේසයක අසුන්ගෙන සිට ඇති අතර
විපක්ෂයෙන් ඊට සහභාගී වී ඇත්තේ තලතා අතුකෝරල, ජේ.සී අලවතුවල සහ හේෂා විතානගේ යන මහත්වරුන්ය.