27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස්ගත ශ්‍රමිකයින්ගේ උදවු ගන්න විශේෂ කාර්යාලයක්

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ උදවු ගන්න විශේෂ කාර්යාලයක්

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මධ්‍යම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස නව කාර්යාලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව එතෙර සිටින මිලියන 3ක් පමණ වන ශ්‍රී ලාංකිකයින්ගේ දායකත්වය මෙරට සංවර්ධන කටයුතු සඳහා ලබාගැනීමට හැකිවන පරිදි යෝජිත ‘විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා කාර්යාලය’ ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවීමටත් එම කාර්යාලයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.