27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව ආහාර උද්ධමන ලැයිස්තුවෙන් ස්ථානයක් පහළට

ශ්‍රී ලංකාව ආහාර උද්ධමන ලැයිස්තුවෙන් ස්ථානයක් පහළට

ශ්‍රී ලංකාව ආහාර උද්ධමන ලැයිස්තුවේ එක් ස්ථානයක් පහළ බැස තිබේ.

ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාවෙනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

මෙතෙක් ලෝක ආහාර උද්ධමන ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව මෙවර 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් පහත බැස තිබේ.

එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 74ක අගයක් ගන්නා අතර මෙවරත් ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යයි. එම අගය දැක්වෙන්නේ සියයට 321ක් ලෙසයි.

එම දර්ශකයේ සියයට 203ක අගයක් ලබාගෙන දෙවැනි ස්ථානයේ ලෙබනනය පසුවන අතර තෙවැනි ස්ථාන හිමි වී ඇත්තේ වෙනිසියුලාවටයි. එහි අගය 158ක්.