29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අඩු පොලී නිවාස ණයක්

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අඩු පොලී නිවාස ණයක්

විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට නිවාස ණය ලබාදීමේ නව යෝජනා ක්‍රමය ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැති ජාත්‍යන්තර සංක්‍රමණික දින උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් බැංකු ක්ෂේත්‍රය සහ ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සාකච්ඡා අවසන් කර ඇති බවයි.

නව යෝජනා ක්‍රමය යටතේ විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට අනෙකුත් පුද්ගලයන්ට වඩා අඩු පොලී අනුපාතයකට නිවාස ණය ලබා ගැනීමේ හැකියාව පවතින බව ඔහු පැවසීය.