― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහංවැල්ල ආපනශාලා හිමිකරුට වෙඩි තැබූ අය පැමිණි යතුරුපැදිය සොයාගනී

හංවැල්ල ආපනශාලා හිමිකරුට වෙඩි තැබූ අය පැමිණි යතුරුපැදිය සොයාගනී

හංවැල්ල ප්‍රදේශයේ පෙරේදා (18) රාත්‍රියේ ආපනශාලාවක හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය මාර්ගයේ දමාගොස් තිබියදී ඊයේ (19) සොයාගෙන තිබෙනවා.

හංවැල්ල – පහත්ගම ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී අදාළ යතුරුපැදිය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. එලෙස සොයාගත් යතුරුපැදියේ චැසි අංක සහ එන්ජින් අංක මකාදමා ඇති අතර ඉදිරි සහ පිටුපස අංක තහඩුද නොමැති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඝාතකයන් යතුරුපැදිය එම ස්ථානයේ නතර කිරීමෙන් අනතුරුව අවට මිරිස්කුඩු ද ඉස ඇතැයි පොලිසිය සඳහන් කළා. පෙරේදා (18) රාත්‍රි 10.05ට පමණ යත්රුපදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ආපනශාලාවක හිමිකරුවෙකු වූ මොහොමඩ් ෆරුෂාන් නමැති (48) පුද්ගලයාට වෙඩි තබා පලාගොස් තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මෙම පුද්ගලයා පාදුක්ක රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දීත් මියගොස් සිටි බවයි වාර්තා වුණේ. මේ අතර ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවුන් සහෝදරයාට මීට සති දෙකකට පමණ ඉහත දී කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකර තිබූ බවට තොරතුරු වාර්තා වනවා.

එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඝාතනයට ලක්වූ පුද්ගලයා පොලීසියට සහයෝගය ලබාදීම මෙම ඝාතනයට හේතු වන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ. වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා හංවැල්ල පොලිසියේ සිවිල් ආරක්ෂක කමිටුවේ සාමාජිකයෙක් බවටද තොරතුරු වාර්තා වනවා.