32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews2020 වසරේ සිට මෙරට සමෘද්ධිලාභීන්ගේ අඩුවක්

2020 වසරේ සිට මෙරට සමෘද්ධිලාභීන්ගේ අඩුවක්

2020 වසරේ සිට මේ දක්වා රජය මගින් සහනාධාර ගෙවනු ලබන සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව අඩු වී ඇති බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි පවසයි.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ රජය මගින් ක්‍රියාත්මක කළ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය හේතුවෙන් සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව මෙලෙස අඩු වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂකවරයා මෙසේද කීය.

2020 වෙනකොට මේ රටේ පවුල් 1,810,000 ක පමණ ප්‍රමාණයක් මේ විදියට සමෘද්ධි ලාභීන් හැටියට සලකලා සහනාධාර ගෙව්වා. 2020 සිට 2022 අවසානයට එනකොට තමයි මෙම සමෘද්ධි ලාභීන්ගේ යම්කිසි අඩුවීමක් දක්නට ලැබෙන්නනේ. ප්‍රධානතම හේතුව තමයි රජය විදියට ක්‍රියාත්මක කරපු ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය. විශේෂයෙන්ම සමෘද්ධි ලාභී අඩු ආදායම් සහිත පවුල් ලක්ෂ 2ක් ඉල්ලකරගෙන ඒ පවුල් ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න රජය විසින් ගත්ත ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල හැටියට වසරකට පවුල් 25,000කට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ ආර්ථිකය සිවිබල ගැන්විලා සමෘද්ධි වැඩපිළිවෙලින් ඉවත්වෙලා ඔවුන්ට අවශ්‍යකරණ ස්වංරැකියා එහෙම නැතිනම් කර්මාන්ත තමතමන්ගේ එදිනෙදා ජීවනොපාය මාර්ගවලට අවශ්‍යකරණ රජය ලබා දෙන ආධාර ඒ වගේම සමෘද්ධි බැංකු ලබාදෙන සහන ණය ක්‍රම, මෙවා උපයෝගිකරගෙන තමයි මේ කණ්ඩායම් ශක්තිමත් වෙලා තිබෙන්නේ.