25 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋත්සව දිනවල විදුලි කප්පාදුවක් නැහැ

උත්සව දිනවල විදුලි කප්පාදුවක් නැහැ

නත්තල් උත්සවය පැවැත්වෙන දිනවල සහ නව වසර ආරම්භයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ලබන 24, 25, 31 සහ ජනවාරි 01 වැනිදා මෙලෙස විදුලි සැපයුම විසන්ධි නොකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර ගල්අඟුරු හිඟය හේතුවෙන් පැය 10ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ඉදිරි වසරේදී සිදුවනු ඇති බවට විදුලි ඉංජිනේරු සංගමය කළ ප්‍රකාශය අසත්‍යයක් බව ද අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

එම ප්‍රකාශ සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.