30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනවාරියේ අනිවාරෙන්ම විදුලි බිල වැඩි කරනවා

ජනවාරියේ අනිවාරෙන්ම විදුලි බිල වැඩි කරනවා

2023 වසරේ ජනවාරි මාසයේ සිට යළිත් විදුලි බිල සංශෝධනයක් සිදු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ජනවාරි මාසයේ සිට විදුලි බිල නැවත ඉහළ දැමීමට පියවර ගන්නා බවයි ඔහු කියාසිටියේ.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළා.

මෙම ගාස්තු සංශෝධනයට අවශ්‍ය නීතිමය බලය ලැබී ඇති අතර එය නීතිපතිවරයා විසින්ද තහවුරු කර ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

විදුලි බිල වැඩි විය යුතු ආකාරය සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු ලබන සතිය වන විට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කරනවා.

ඒ අනුව ජනවාරි මාසයේ සිට විදුලිබිල වැඩි කිරීමට කටයුතු කරන බවයි අමාත්‍ය කංචන විජේසේකර කියාසිටියේ.