― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජාතික ඵලදායිතා රන් සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

ජාතික ඵලදායිතා රන් සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

ජාතික ඵලදායීතා සම්මාන උළෙල ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදි පැවැත්වු අතර එහිදි රාඡ්‍ය අංශයේ – අන්තර් දෙපාර්තමේන්තු කාණ්ඩයේ රන් සම්මානය තෙවන වරටත් දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත්විය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ ස්ථාපිත ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය (NPS) විසින් ‘ජාතික ඵලදායිතා සම්මාන උළෙල’ සංවිධානය කරනු ලබන අතර මෙම තරඟාවලිය තුලින් ඵලදායිතා සංකල්ප සාර්ථක වු ආයතනවල ආයතන හඳුනා ගැනීමත් වඩාත් ඵලදායී සහ පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවාවන් නිර්මාණය කිරීම සහ ජාතියේ සමස්ත ඵලදායිතාව ඉහළ නැංවීම අරමුණ කරගනිමින් මෙම තරගය සංවිධානය කරනු ලබයි.ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2015 සහ 2018 වසර දෙකේදීම අඛණ්ඩව රන් සම්මානය දිනා ගැනීමට සමත් වු අතර මෙවර 2020 ජාතික ඵලදායිතා රන් සම්මානය දිනාගනිමින් අඛණ්ඩව තෙවරක් රන් සම්මානය දිනාගැනීම සමත් වු රාඡ්‍ය ආයතනය ලෙස ඉතිහාස ගතවනු ඇත.

මෙම ඵලදායිතා රන් සම්මානය ජයග්‍රහණය කිරීම සදහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිර්නායකයන්ට අනූව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ විශේෂඥ කණ්ඩායමකගේ සියුම් අධීක්ෂණයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම්, ඉංජිනේරු, පුහුණු, පර්යේෂණ, සංවර්ධන සහ සුභසාධන යන ක්ෂේත්‍රයන් ලක් කල අතර ගුවන් හමුදාව එම ක්ෂේත්‍රයන්හි ඵලදායිතා සංකල්පය ඉතා ඉහල මට්ටමක පවත්වා ගැනීම හේතුවෙන් මෙම රන් සම්මානය දිනාගැනීමට සමත්විය.

මෙම සම්මාන උළෙළ සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ, විධායක තත්ත්වා නීර්ණ නිරීක්ෂක නිලධාරී එයාර් කොමදෝරු මුදිත මහවත්තගේ ඇතුළු ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගි වු අතර දිනාගනු ලැබූ ඵලදායිතා රන් සම්මානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ වෙත විධායක තත්ත්වය නීර්ණ නිරීක්ෂක නිලධාරී එයාර් කොමදෝරු මුදිත මහවත්තගේ විසින් ගුවන් හමුදා මූලස්ථානයේදී නිල වශයෙන් පිළිගන්වන ලදී.