29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදිනේෂ්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශ 42කට වැඩි ගණනක්

දිනේෂ්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශ 42කට වැඩි ගණනක්

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 42කට වැඩි සංඛ්‍යාවක් ලබාගෙන ඇතැයි පොලිසිය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ අත්අඩංගුවට ගැනීමක් හෝ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් හඳුනා ගැනීමක් හෝ සිදුවී නොමැති බවයි.

දුරකතන අංක රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සිදුවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.

මේ අතර මෙම මරණයට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ සමීපතමයෙකුගේ සම්බන්ධයක් ඇති බවට වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී විමසීමක් කළා.

ඊට පිළිතුරු දෙමින් නිහාල් තල්දූව කියා සිටියේ එවැනි තොරතුරක් මෙතෙක් එක එල්ලේ අනාවරණ වීමක් නොමැති බවයි. එමෙන්ම එවැනි තොරතුරු මාධ්‍ය වෙත ලබාදිය නොහැකි බව ද ඔහු අවධාරණය කළා. විමර්ශනවලදී අනාවරණ වන තොරතුරු වාර්තා කළ යුත්තේ අධිකරණයට බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙනවා.

මලලසේකර මාවතේ අවන්හලකට දිනේෂ් ෂාෆ්ටර් ගොස් ඇති බවට අනාවරණ වී ඇති කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී විමසූ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ විමර්ශන නිලධාරීන් විසින් තමන්ට මෙතෙක් එවැනි කරුණක් ප්‍රකාශකර නොමැති බවයි.