23.9 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිවයින පුරා මාංශ ප්‍රවාහනයට රජයෙන් අවසර

දිවයින පුරා මාංශ ප්‍රවාහනයට රජයෙන් අවසර

දිවයින පුරා මාංශ ප්‍රවාහනයට අවසර ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පසුගිය දෙසැම්බර් 08 සහ 09 දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවල විශාල වශයෙන් ගවයින් සහ එළුවන් මියයෑම් වාර්තා වීමත් සමඟ පළාත් අතර මාංශ ප්‍රවාහනය කිරීම තහනම් කරනු ලැබීය.

එහෙත් මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ එම සතුන් මියගොස් ඇත්තේ වසංගත තත්ත්වයක් හේතුවෙන් නොවන බවත් එම දිනවල පැවැති දැඩි ශීත කාලගුණය හේතුවෙන් ඔවුන් මිය යන්නට ඇති බවත්ය.