― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපාසල් දරුවන් මත් රකුසාගෙන් බේරාගන්න ගීතාගෙන් වැඩපිළිවෙළක්

පාසල් දරුවන් මත් රකුසාගෙන් බේරාගන්න ගීතාගෙන් වැඩපිළිවෙළක්

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පරික්ෂා කිරීම සිදු කළත් එය සාර්ථක කර ගැනීමට නම් පාසල කරා මත්ද්‍රව්‍ය පැමිණෙන ප්‍රධාන මාර්ග අවහිර කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.

ඊයේ (20) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය මුල්විය සංවර්ධනය පිළිබඳව පෙර පාසල් පාලිකාවන් හා අදාල නිලධාරීන් දැනුවත් කිරීම නිමිත්තෙන් පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගීතා කුමාරසිංහ මේ බව පැවසුවා.

“පාසල් දරු දැරියන් මත් උවදුරෙන් බේරා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ගෙන එන ප්‍රධාන සැපයුම් කරුවන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුව තිබෙනවා. සිංගප්පූරුව වැනි රටවල් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දෙනු ලබන දඬුවම් ආකාරයට ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි.

අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය විවිධ ක්‍රමවලින් බැහැරට යන බවක් පේන්න තිබෙනවා. අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවලට සිදුවූයේ කුමක්ද යන්න හෙළි කිරීම මත්ද්‍රව්‍ය කාර්යාංශය වගකීමක්. ඒ වගේම මත්ද්‍රව්‍ය රටට පැමිණීම වැළැක්වීම සඳහා සාගරයේ මෙන්ම ගුවනේ ද ආරක්ෂාව දැඩි කළ යුතුයි.”