23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමැතිවරණ කල් දාන්න රජයට උවමනාවක් නැහැ

මැතිවරණ කල් දාන්න රජයට උවමනාවක් නැහැ

පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ හෝ නොපැවැත්වීමේ කිසිදු අදහසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හෝ රජයට නොමැති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දකවමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමක් බවයි.

එජාප – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය මේ වන විට සිය මැතිවරණ කටයුතු ආරම්භ කර ඇති බවත් නාමයෝජනා සලකා බැලීම සඳහා සුදුසු පුද්ගලයන්ගෙන් අයදුම්පත් මේ වන විටත් ඉල්ලා ඇති බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.