26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙවර අල්ලස් ගැනීමේ කප් එක අධ්‍යාපන ක්ෂේත්‍රයට

මෙවර අල්ලස් ගැනීමේ කප් එක අධ්‍යාපන ක්ෂේත්‍රයට

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ට අල්ලස් ගැනීම සම්බන්ධයෙන් මේ වසරේ වැඩිම චෝදනා එල්ල වී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා වාර්තාවලින් අනාවරණය වී තිබේ.

ඒ අනුව පාසල්, අධ්‍යාපන අමාත්‍යාංශය හා කලාප කාර්යාලවල නිලධාරීන් 212කට මෙම අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර දෙවැනියට වැඩිම අල්ලස් චෝදනා එල්ල වී ඇත්තේ පොලීසියට එරෙහිවයි.

ඒ අනුව පොලිස් නිලධාරීන් 161කට එරෙහිව අල්ලස් චෝදනා ඉඑල්ල වී තිබේ.

අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් තෙවැනුව වැඩිම පැමිණිලි ඉදිරිපත්ව ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින්ට එරෙහිවයි.