― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමොන විදිහේ මැතිවරණයකට වුණත් පොහොට්ටුව සූදානම්

මොන විදිහේ මැතිවරණයකට වුණත් පොහොට්ටුව සූදානම්

පළාත් පාලන මැතිවරණය කුමන ආකාරයකට පැවැත්වුවද එයට මුහුණදීමට පොදුජන පෙරමුණ සූදානම් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) පැවති ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මැතිවරණයට මුහුණදීම සඳහා පොදුජන පෙරමුණ මූලික කටයුතු මේ වනවිටත් අවසන් කර ඇති බවත් අපේක්ෂකයින් තෝරාගැනීම සඳහා අයඳුම්පත්‍ර කැඳවීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවත්ය.