30.6 C
Colombo
Tuesday, February 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලබන වසරේ සිට ප්‍රාථමික අංශයේ වාර විභාග නොපැවැත්වෙයි

ලබන වසරේ සිට ප්‍රාථමික අංශයේ වාර විභාග නොපැවැත්වෙයි

2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ප්‍රාථමික අංශයේ සිසුන්ට අභ්‍යාස ලබාදී එහි ලකුණු වාර්තා තබාගෙන ඒවා සහ වර්ෂාවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාවට නංවන බව ඔහු පැවසීය.

පාසලෙන් පිට වන දරුවන්ට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බවත් විශ්වවිද්‍යාල ප්‍රවේශය හෝ දක්ෂතා හා කැමැත්ත මත කාර්මික විද්‍යාලවලට හෝ ඇතුළත්ව වැඩිපුර පුහුණු / අධ්‍යයන අවස්ථා සලසාගත හැකි වැඩපිළිවෙලක් සකස් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.