26.1 C
Colombo
Thursday, June 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම සඳහා ගම්පහ පාසල්වලට සුපරීක්ෂණ කමිටු

අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම සඳහා ගම්පහ පාසල්වලට සුපරීක්ෂණ කමිටු

පාසල් ළමුන් අතර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වල ජනවාරි පළමු වැනිදා සිට සුපරීක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

දැනට සුපරීක්ෂක කමිටු පිහිටුවා නොමැති පාසල්වල එම කමිටු පිහිටුවීම දෙසැම්බර් 31ට පෙර අවසන් කරන ලෙස ඔහු ගම්පහ අධ්‍යාපන බලධාරීන්ට හා පොලිසියට උපදෙස් දුන්නේය. 

දිනෙන් දිනම පාසල් ආශ්‍රිත ව මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවෙමින් පවතින බවත්, එය ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වන බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ජාවාරම අවසන් කිරීමට පියවර ගත යුතුව තිබෙන බව ඔහු පැවසුවා.