25 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගල් අඟුරු නැව් තුනකට මුදල් ගෙවයි

ගල් අඟුරු නැව් තුනකට මුදල් ගෙවයි

නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු නෞකා 6ක් ජනවාරි මාසය තුළ ලැබීමට නියමිත බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි.

එනොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ලැබීමේ ක්‍රමවේදය බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි එහි සභාපතිවරයා පවසන්නේ.

ඒ අනුව දෙසැම්බර් මස 28 වැනිදා පැමිණීමට නියමිතව තිබූ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් නෞකාව ජනවාරි 04 වැනිදා මෙරටට ළඟාවීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

ඊට අමතරව ජනවාරි මස 12, 15, 18, 23, 27 සහ 31 යන දිනයන්හි තවත් නෞකා 6ක් මෙරටට ළඟාවීමට නියමිත බවත් එම නෞකා 6න් තුනකට මේ වනවිට මුදල් ගෙවීම් කටයුතු සිදුකර ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.