― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalජනපති සමඟ කළ සාකච්ඡා සාර්ථකයි

ජනපති සමඟ කළ සාකච්ඡා සාර්ථකයි

උතුරේ ඉඩම් සහ එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා බවට ජනාධිපතිවරයා එකඟ වූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) ජනාධිපතිවරයා සහ දෙමළ පක්ෂ නායකයින් අතර පැවති සාකච්ඡාවකදීය.

ජනාධිපතිතුමත් එක්ක, අගමැතිතුමා, අධිකරණ ඇමතිවරයා, විදේශ ඇමතිවරයා, සහ නීතිපතිවරයා හිටියා. මමත් සම්බන්ධන් මහතාත් සාකච්ඡාවට එකතු වුණා. ඩග්ලස් දේවානන්ද මහතාත් එකතු වුණා. දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එතනින් අඳුරගත්තා 5 දෙනෙක් වගේ දැනටම නිදහස් කරන්න පුළුවන්. අනෙක් අය ගැන නීතිපතිවරයා උපදෙස් දෙනවා කියලා කිව්වා කොහොමද ඒක කරන්න පුළුවන් කියලා. ඉඩම් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් හමුදාවත් එක්ක සාකච්ඡා කරලා තියෙනවාලු ජනවාරි මාසයේ 3 වනදා ජාතික ආරක්ෂක කවුන්සිලයේ එ නිර්දේශය දෙනවා කිව්වා. ඉන් පසුව අනෙක් ඉඩම් ගැනත් අපි සාකච්ඡා කරන්නට ඕනේ කියලා තීරණය කළා. නැවත ජනවාරි මාසයේ 05 වනදා අපි හමුවෙලා ඉදිරි වැඩකටයුතු ගැන සාකච්ඡා කරනවා.”