27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතරඟෙට රේස් ගිය බස් රථය පෙරළී අයෙක් ජීවිතක්ෂයට

තරඟෙට රේස් ගිය බස් රථය පෙරළී අයෙක් ජීවිතක්ෂයට

යාපනය මහනුවර A9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය, පලෙයි මුල්ලියඩි ප්‍රදේශයේදී ලංගම බස් රථයක් (21) සවස අනතුරට ලක්ව පෙරලීයාම හේතුවෙන් මගියෙකු මිය ගොස් තවත් 20 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.

ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා යාපනය බලා ධාවනය වූ ලංගම බස් රථයක් (21) සවස 6ට පමණ මෙලෙස අනතුරට ලක්වීමෙන් පෙරලී ගොස් ඇත. පෙරලී ගිය ලංගම බස් රථය සහ තවත් ලංගම බස් රථයක් අතර පලෙයි ප්‍රදේශයට ආසන්නයේ දැඩි තරඟකාරී ස්වභාවයකින් අධික වේගයකින් ධාවනය වූ බවටත් එහිදී රියදුරට බස්රථය පාලනයෙන් මිදී පෙරලී ගිය බවට තුවාල ලැබූ මගීහු කියා සිටියහ.

බස් රථයේ වේගය නිසාවෙන් බස්රථය පෙරලී යන අවස්ථාවේදී අඩි 100 ක් පමණ දුරක් ඇදී ගොස් ඇති අතර එහිදී එක් මගියෙකු බස් රථයෙන් විසිවී එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයිද පොලීසිය පැවසීය.

බස්රථය පෙරලී යන අවස්තාවේදී එහි ගමන්ගත් මගීන් 20 දෙනෙකුට ආසන්න පිරිසක් පලෙයි රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතල තත්වයේ සිටි තුවාලකරුවන් 8 දෙනෙකු කිලිනොච්චිය මහරෝහලට මාරුකොට යවා ඇත.

සෙසු තුවාල කරුවන් පලෙයි රෝහලේ ප්‍රතිකාර ලබන අතර අධික වේගය හේතුවෙන් බස් රථය පෙරලී මෙම අනතුර සිදුව ඇතැයි සැකපල කරන බවටද පරික්ෂණ සිදුකරන පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.