27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබීමත්ව ශ්‍රීපාදය වන්දනා කළ තරුණියකට 25000ක දඩයක්

බීමත්ව ශ්‍රීපාදය වන්දනා කළ තරුණියකට 25000ක දඩයක්

බීමත්ව මෝටර් රථයක් ධාවනය කරමින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණියක් නල්ලතන්නිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ.

එම තරුණිය ඊයේ (21)හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆාරුක් ඩීන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාරිනිය අධිකරණය හමුවේ වරද පිළිගත් නිසා සැකකාරිනියට රුපියල් 25000 දඩයක් සහ රියදුරු බලපත්‍රය මාස තුනකට අත්හිටුවීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළහ.

මෙසේ දඩ නියම කරනු ලැබුවේ අම්බලන්තොට ගොඩකවැල්ල ප්‍රදේශයේ පදිංචි හේවාකන්කානම්ලාගේ උෂානි මේකලා (18) යන අයටයි. චූදිත තරුණිය ඉකුත් (16) දින අධික ලෙස බීමත්ව තරුණයන් දෙදෙනෙකු සමඟ මෝටර් රථයක් ධාවනය කරමින් අම්බලන්තොට සිට ශ්‍රී පාද නල්ලතන්නිය වෙත පැමිණි අවස්ථාවේ නල්ලතන්නිය පොලිසිය විසින් සැකකාරිනිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර (21) දින අධිකරණය වෙත ඉදිරිපත් වන ලෙස උපදෙස් ලබා දී තිබුණි.

ශ්‍රී පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන සහ මත්පැන් පානය කර හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනීමට දිවා රාත්‍රි දෙකේම හැටන් ශ්‍රී පාද මාර්ගයේ ස්ථාන කිහිපයකම පොලිස් නිලධාරින් රාජකාරියේ යොදවා ඇත.