― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහා සීනි බදු වංචාව ගැන ගෝඨාගෙන් ප්‍රශ්න කරයි?

මහා සීනි බදු වංචාව ගැන ගෝඨාගෙන් ප්‍රශ්න කරයි?

ආන්දෝලනාත්මක සීනි බදු වංචාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීමට තීරණය කර ඇති බව අද (22) ‘ද අයිලන්ඩ්’ පුවත්පත වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම එවකට වෙළද අමාත්‍යවරයාව සිටි බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණද ඔහු ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා ඇති බවත් එම පුවත්පත වාර්තා කර තිබේ.

බන්දුල ගුණවර්ධනට එලෙස අල්ලස් කොමිසම හමුවේ පසුගිය සදුදා පෙනීසිටින ලෙස දැනුම් දී තිබුණද තමන්ට එම දැනුම් දීම ලැබුණේ ඒ දිනයට ඉතා ආසන්න දිනයකදී බැවින් සූදානම් වීම සඳහා වෙනත් දිනයක් අවශ්‍ය බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේතුව හමුවේ පවසා සිටියේ සීනි බදු වංචාවෙන් රුපියල් බිලියන 16 ක මුදලක් මහාභාණ්ඩාගාරයට අහිමි වූ බවයි.

එමෙන්ම සීනි කිලෝවක් මත පනවා තිබුණු රුපියල් පනහක බද්ද සත විසි පහ දක්වා අඩු කිරීමට ගත් තීරණය එවකට වෙළඳ අමාත්‍යවරයා වශයෙන් සිටියද තමන් නොදැන සිටි බව බන්දුල ගුණවර්ධන පවසා ඇති අතර ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සීනි බද්ද සත විසි පහ දක්වා පහත හෙලීමට රජය තීරණය කර ඇති බව තමන් දැන ගත්තේ අභයාරාමයේ සිටියදී බවයි.

ඉන් නොනැවතී එම තීරණය ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කළ බවද බන්දුල ගුණවර්ධන පවසා තිබේ. සීනි බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කළේ එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත බව මුදල් අමාත්‍යංශ නිළධාරීන් අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අල්ලස් කොමිසම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඒ පිළිබදව ප්‍රකාශයක් ගැනීමට නියමිතය.

#mawratanews