26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණය පැවැත්වීමට රුපියල් බිලියන 10ක් තියෙනවා

මැතිවරණය පැවැත්වීමට රුපියල් බිලියන 10ක් තියෙනවා

2023 මැතිවරණය පැවැත්වීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාව සතුව රුපියල් බිලියන 10ක් ඇති බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසයි.

මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

2023 අයවැය මගින් මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 ක මුදලක් වෙන් කර ඇති බව ඔහු එහිදී සඳහන් කළේය.

එබැවින් අයවැය මගින් මැතිවරණයට සූදානම් වීම රජය විසින් සිදු කර ඇති බවත් ඊට රජයේ අනුමැතිය ලැබී ඇති බවත් ඔහු දන්වා සිටියේය.

මැතිවරණය පැවැත්වීමට නීතියෙන් බැඳී සිටින බවත් මහජන මතයට යටත් විය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.