26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමියන්මාර සරණාගතයින් මිරිහාන රැඳවුම් කඳවුරට

මියන්මාර සරණාගතයින් මිරිහාන රැඳවුම් කඳවුරට

පසුගිය සතියේ නාවික හමුදා බාරයට ගත් මියන්මාර සරණාගතයින් අද (22) යාපනය බන්ධනාගාරයේ සිට මිරිහාන රැඳවුම් කඳවුර බලා පිටත් කර තිබේ.

ඒ අනුව ඔවුන් සියලුදෙනා අද පස්වරුවේදී මිරිහාන රැඳවුම් කඳවුරට ළඟා වීමට නියමිතය.

බංග්ලාදේශයේ සිට ඉන්දුනීසියාව බලා යාත්‍රා කිරීමට සූදානම් වූ බෝට්ටුවක් කැඩී මුහුදේ ගසාගෙන ගොස් 105 දෙනෙකු පමණ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා බේරා ගත්තේය.

බේරාගත් පුද්ගලයින්ට ආහාර සහ වෛද්‍ය පහසුකම් ලබාදී ඇති අතර කොවිඩ් පරීක්ෂණය කන්කසන්තුරේ වරායේදී සිදුකෙරිණි. සෞඛ්‍ය ගැටලු හේතුවෙන් පවුල් දෙකක සාමාජිකයන් ප්‍රතිකාර සඳහා තෙල්ලිප්පලෙයි රෝහලට ඇතුළත් කර ඇත.

පසුගිය සඳුදා රාත්‍රියේ නිසි වැඩපිළිවෙළක් නොමැතිව බස් රථ දෙකකින් සරණාගතයින් කොළඹට යැවීමට පොලිසිය සූදානම් වූ නමුත් ඉහළ පෙළේ මැදිහත්වීම නිසා ඔවුන් තවදුරටත් බන්ධනාගාරයේ නවත්වා ගැනීමට කටයුතු යොදා තිබුණි.

මෙම තත්ත්වය තුළ උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරායගේ සෘජු අධීක්ෂණය යටතේ උතුරු පළාත් අමාත්‍යාංශ බස් රථ තුනක් හරහා එම සරණාගතයින් බාධාවකින් තොරව ආරක්ෂිතව පිටත් කර තිබේ.