27 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාපනය මහ නගර සභාවේ අයවැය පරාජයට

යාපනය මහ නගර සභාවේ අයවැය පරාජයට

යාපනය මහ නගර සභාව 2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 7කින් පරාජයට පත්වී තිබෙනවා.

ඊයේ මෙම අයවැය නගරාධිපති විශ්වලිංගම් මනිවනන් විසින් ඉදිරිපත් කළ අතර ඊට පක්ෂව ඡන්ද 11ක් සහ විපක්ෂව 18ක් ලැබී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. යාපනය මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකු සිටිනවා.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16ක්, අකිල ඉලංගෙයි තමිල් කොන්ග්‍රසයේ 13 දෙනෙක්, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන් 10ක්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 3ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සහ දෙමළ විමුක්ති සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ඊට අයත්.