26.7 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝකෙ වටේ ගිහින් හිගන්නෝ වගේ කන්න බොන්න ඉල්ලන්න ලැජ්ජ නැද්ද?

ලෝකෙ වටේ ගිහින් හිගන්නෝ වගේ කන්න බොන්න ඉල්ලන්න ලැජ්ජ නැද්ද?

රටට මේ තරම් විනාශයක් වී තිබියදී තමාට සතුටින් නත්තල් සමරන්න බැරි බවත් රටට මෙහෙම වෙලා තියෙන්නේ පාලකයන්ගේ දුර්දාන්ත වැඩ නිසා බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) රාත්‍රියේදී කළුතර සිරි කුරුස විද්‍යාලයේ පැවති නත්තල් කැරොල් ගී ප්‍රසංගයේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරත් අදහස් දක්වමින් කාදිනල් හිමියන් කියා සිටියේ ලෝකෙ වටේ ගිහින් හිගන්නෝ වගේ කන්න බොන්න ඉල්ලන්න ලැජ්ජ නැදහ යන්නයි.

මාධ්‍ය වාර්තා කරලා තියෙනවා ලංකාවේ මිලියන 6.1 ක් එක වේලක් නොකා බඩගින්නේ ඉන්නව කියලා. ඒ නිසා මේ තරම් රටට විනාශයක් වෙලා තියෙද්දී අපිට සතුටින් මෙවර නත්තල් සමරන්න බෑ. රටට මෙහෙම වෙලා තියෙන්නේ පාලකයන්ගේ දුර්දාන්ත වැඩ නිසා. ලෝකෙ වටේ ගිහින් හිගන්නෝ වගේ කන්න බොන්න ඉල්ලනවා. අපි ලැජ්ජ වෙන්න ඕන මෙච්චර ලස්සන ආකර්ශනීය රටක ඉදගෙන හිගන්නො වගේ කන්න බොන්න ඉල්ල ඉල්ල යන එක ගැන. මොකක්ද මේ ආකල්පය. රටට මෙහෙම වෙලා තියෙන්නේ දුර්දාන්ත පාලකයින්ගේ වැඩ නිසා. ඒ නිසා මෙවර නත්තල් සතුටින් සමරන්න අපිට බෑ.

නත්තල් කියන්නේ රතිඤ්ඤා කෑම බීම සැරසිලි නොවෙයි. නත්තලට ලබාගන්න දෙයට වඩා වැදගත් වන්නේ දෙන දෙය. ඒ නිසා මෙවර නත්තල් සමරන්න ඔබේ ප්‍රදේශයේ කන්න බොන්න නැති අසරණ දුප්පත් එක් පවුලකට හෝ සලකන්න. ක්‍රිස්තුස් වහන්සේ දේශනා කර තියෙන්නේ එයයි. ඒ නිසයි උන්වහන්සේ ගව මඩුවක ඉපදුනේ. ඒ දේශනාවට අනුව පරිත්‍යාගය උතුම්.