28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවරාය නගරයට වෙනම උසාවියක්

වරාය නගරයට වෙනම උසාවියක්

කොළඹ වරාය නගර බල ප්‍රදේශය තුළ අලුතින් වාණිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිසම නීති ක්ෂේත්‍රයේ කණ්ඩායම් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඉදිරියේදී වරාය නගර ප්‍රදේශය තුළ අධිකරණ කටයුතු සිදුකිරීමේ හැකියාව ලැබෙනු ඇති බවයි ආරංචිමාර්ග පවසන්නේ. මෙම සාකච්ඡා සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර එම අධිකරණ බල ප්‍රදේශය තුළ ව්‍යාපාර ආශ්‍රිතව උද්ගත වන සිදුවීම් හා වාණිජ කරුණු සම්බන්ධයෙන් පවරන නඩු කටයුතුවලට මෙම අධිකරණය යොදා ගැනීමේ හැකියාව පවතී.

දැනට සිදුකරන සාකච්ඡාවලට අධිකරණ අමාත්‍යාංශය ඇතුළු නීති ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධ වී සිටින බවත් ඒ අනුව ලබන වසර තුළදී වරාය නගර වාණිජ මහාධිකරණය පිහිටුවීමේ කටයුතු සිදු වනු ඇති බවත් එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.