― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවසර ගාණකින් නැව් ඇවිත් නැති ගාල්ල වරායේ සේවකයින්ට වැටුප් හා අතිකාල ගෙවන්න...

වසර ගාණකින් නැව් ඇවිත් නැති ගාල්ල වරායේ සේවකයින්ට වැටුප් හා අතිකාල ගෙවන්න වෙලා

ගාල්ල වරායේ සේවකයන් සියයකට ආසන්න සංඛ්‍යාවක් වැටුප් සහ අතිකාල දීමනා ලෙස රුපියල් මිලියන ගණනක් ලබන බව එම වරායේ උසස් නිලධාරියෙක් පැවසීය.

ගාල්ල වරායට වසර කීපයකින් නෞකාවක් පැමිණ නොතිබුනද නෞකා සම්බන්ධයෙන් රාජකාරි කරන බව පවසමින් මෙම සේවකයන් වැටුප් අතිකාල දීමනා ලැබීම හාස්‍යයට කරුණකි.

මෙම සේවකයන් පිරිස නිසා වරාය අධිකාරියට මසකට රුපියල් මිලියන ගණනක මුදලක් නිකරුනේ ගෙවීමට සිදුවී ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.

අදාල සේවකයන් පිරිස කණ්ඩායම් දෙකක් ලෙස සේවයට වාර්තා කර අතිකාල දීමනා ද ලබන බවත් එම වරායේ සිසු සේවකයන් පැමිණීම සටහන් කිරීමට ඇඟිලි සලකුණ යෙදුව ද මෙම සේවකයන් පිරිස පැමිණීමේ පොතක අත්සන යෙදීම පමණක් කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සේවකයන් පිරිසෙන් ඇතමෙක් වරාය තුළ සුළු සුළු රාජකාරි කර කාලය ගතකර අතිකාලද අනුමත කරගෙන පිටව යන බව පැවසූ එම නිලධාරියා කියා සිටියේ තවත් සේවකයන් පිරිසක් පැමිණීමේ ලේඛනයේ සිය අත්සන යොදා නිවෙස් බලා පිටව යන බවයි.