29.5 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිල වැඩි කිරීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්

විදුලි බිල වැඩි කිරීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්

ජනවාරි මාසයේදී විදුලි ගාස්තු වැඩි කිරීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස සලකන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

මහජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන අයුරින් විදුලි ගාස්තු වැඩි කළහොත් පැමිණිලිවලින් තොරව ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට සූදානම් බව මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දැනටමත් පීඩාවට පත්ව සිටින ජනතාව තවදුරටත් පීඩාවට පත් කිරීමට රජයට හෝ එහි පාර්ශවකරුවන්ට අයිතියක් නොමැති බව මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

එය පදනම් කර ගනිමින් අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු වැඩි කිරීමට තීරණය කළහොත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බව එහි අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි පැවසීය.