27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශිකයන් 912ක් සරණාගතයන් ලෙස ලංකාවේ රැඳී සිටිනවා

විදේශිකයන් 912ක් සරණාගතයන් ලෙස ලංකාවේ රැඳී සිටිනවා

විදේශිකයන් 912 දෙනෙක් සරණාගතයන් ලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ 2021 කාර්ය සාධන වාර්තාවේ දක්වා තිබේ.

ඉන් වැඩි පිරිසක් පාකිස්තාන ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 709කි. මීට අමතරව ඇෆ්ගනිස්ථානු ජාතිකයන් 113 දෙනෙක්, ඉරාන ජාතිකයන් 24 දෙනෙක්, පලස්තීන ජාතිකයන් හය දෙනෙක්, සුඩාන ජාතිකයන් හතර දෙනෙක්, යේමන ජාතිකයන් පහළොස් දෙනෙක්, මියන්මාර ජාතිකයන් තිස් පස්දෙනෙක්, බංගලාදේශ, එරිත්‍රියාව, සෝමාලියාව යන රටවල එක් අයකු බැගින්ද මෙරට සරණාගතයන් ලෙස රැඳී සිටින බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම පිරිස මෙලෙස මෙරට රැඳී සිටින්නේ සරණාගතයන් පිළිබඳ කටයුතු කිරීමේ ඒකකයේ අධික්ෂණය යටතේය.

#lankadeepa