25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවෙලාවට වැඩ කරන්න බැරි ඇමතිවරු එක්ක මොන කතාද?

වෙලාවට වැඩ කරන්න බැරි ඇමතිවරු එක්ක මොන කතාද?

සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් සහ ඔහුගේ නිලධාරීන් කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට විනාඩි 30ක් ප්‍රමාද වී පැමිණීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ආපදා සහන පදනමේ (SKDRF) සභාපති චෝ සුං ලී මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක් වී ඇති බව වාර්තා වේ.

සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේදී ඊයේ පැවති මෙම හමුවේදී දකුණු කොරියාවේ වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි ආකාරය පිළිබඳව සොයා බැලීය.

“නියමිත රැස්වීමක් විනාඩි 30 කින් ප්‍රමාද කොට ආරම්භ කිරීමට හොඳ සලකුණක් නොවේ. තම පොරොන්දු ඉටු කිරීමට සහ වෙලාවට වැඩ කිරීමට ඇමතිවරුන් වගකිව යුතුයි” යනුවෙන් කියමින් ලී මහතා කතාව ආරම්භ කළේය.

“මෙය දකුණු කොරියාවේ සිදු වූයේ නම් එවැනි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර විනය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ තිබුණා” යැයි පැවසූ ඔහු එවැනි ඇමතිවරුන් හමුවීමෙන් පලක් නැතැයි කියා කීය.

“රැස්වීමක් නිශ්චිත වේලාවකට සැලසුම් කර ඇත්නම්, එය එම අවස්ථාවේදීම ආරම්භ විය යුතුයි. එවැනි ඇමතිවරුන්ට එය කළ නොහැකි නම්, එවැනි පුද්ගලයින් හමුවීමෙන් පලක් නැහැ.ලංකාවේ බොරු කීම, පොරොන්දු දීම සාමාන්‍ය දෙයක් වෙලා, ඒක එයාලගේ සංස්කෘතියේ කොටසක් වෙලා. රටක් විදියට පිටරටක කෙනෙක්ගෙන් මේ වගේ දේවල් අහන්න මිනිස්සු ලැජ්ජ වෙන්න ඕනේ. ලංකාවේ මිනිස්සුන්ට ඒ පුරුද්ද වෙනස් කරන්න බැරි නම් විදේශිකයන් සමඟ සබඳතා ඇති කර ගැනීමට රටට නොහැකි වේවි” යැයිද ඔහු පැවසීය.

“ජනතාව දුන් පොරොන්දු ඉටු කළ යුතුයි. ඒවා ඉටු කිරීමට කිසිදා අමතක නොකළ යුතුයි. ජීවිතය ගියත් පොරොන්දු ඉටු කළ යුතුයි. ඇමැතිවරු වුණත් එහෙම කරන්න ඕන. එහෙම නොවුණොත් මේ වගේ ඇමැතිවරු හමුවෙලා වැඩක් නැහැ. ජනතාව බොරු කියන්න එපා. ඔවුන්ට වඩා හොඳ අවබෝධයක් තිබිය යුතුයි” ඔහු පැවසීය.

“එබැවින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ සහ මිනිසුන්ගේ චින්තන රටාවේ වෙනසක් සිදුවිය යුතුයි” ලී වැඩිදුරටත් පැවසීය.

#mawratanews