29.5 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeather24, 25 දෙදින වැසි වැඩිවෙයි

24, 25 දෙදින වැසි වැඩිවෙයි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 420ක් ඊසාන දෙසින් ස්ථානගතව ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියාසිටියේ. එය ලබන 24 සහ 25 යන දෙදින තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇති බව සඳහන්.

මේ හේතුවෙන් දෙසැම්බර් මස 24 වනදා සහ 25 යන දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

හෙට දිනයේදී උතුර නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි ඇතිවන බව සඳහන්. උතුරු නැගෙනහිර බස්නාහිර සබරගමුව සහ ඌව පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.