― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsඅන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බන්ධනාගාර රෝහලට

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බන්ධනාගාර රෝහලට

අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ හදිසි ඇතිවූ ශ්වසන ආබාධයක් සහ අධි රුධිර පීඩන තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

අද (23) පෙරවරුවේ ඔවුන් වසන්ත මුදලිගේ බැලීම සදහා බන්ධනාගාරට පැමිණි අවස්ථාවේදී මේ බව සදහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ ටැම්පිටියේ සුගතානන්ද හිමි,

වසන්ත මුදලිගේව හිරකර තබා ගැනීම ආසාධාරණයි. වහාම ඔහුව නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. රජය මේ වෙලාවේ ශිෂ්‍ය ව්‍යාපාර සහ කම්කරු ව්‍යාපාර මර්ධනය කරන්න හදන්නේ. අපිව එහෙම බය කරලා මර්ධනය කරන්න හම්බවෙන්නේ නෑ. මාස ගානක් බන්ධනාගාරය ඇතුලේ තියන් සෙල්ලම් දාන්න හදන්න එපා. මොවුන් උත්සහ කරනවා මේ වගේ රෝගාබාධවලට ගොදුරු කරලා මේ අයව දුර්වල කරලා දාන්න. මානසික පීඩා කායික පීඩා ඇති කරලා රජයට විරුද්ධ අයව මර්ධනය කරන්න හදන්නේ. හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම්වල සහ අනිත් ක්‍රියාකාරී සහෝදරවරු ප්‍රමාණයකුත් බන්ධනාගාර ගත කරලා ඉන්නවා. රනිල් රාජපක්ෂට අපි කියන්නේ වහාම මේ මර්ධනය නතර කරන්න කියලා.