― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋත්සව සමයේ කේක් ඉල්ලුම අඩුවෙයි

උත්සව සමයේ කේක් ඉල්ලුම අඩුවෙයි

මෙවර උත්සව සමයේ කේක් ඉල්ලුම අඩුවී ඇති අතර කේක් හිඟයක්ද මතුවී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසනවා.

මේ දිනවල පවතින බිත්තර හිඟය මෙන්ම මිල ඉහළ යාම හමුවේ උත්සව සමයේදී කේක් කිලෝවක මිල රුපියල් 1500ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මාසයකට පමණ පෙර කේක් කිලෝවක් අලෙවි කර ඇත්තේ රුපියල් 1100ක් පමණ මුදලකට වන අතර එහි මිල ඉහළ යාම හේතුවෙන් උත්සව සමයේ කේක් සඳහා ඇති ඉල්ලුම ද සියයට 25ක් පමණ දක්වා අඩුවී ඇතැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

බිත්තර හිඟය හේතුවෙන් මෙවර උත්සව සමයේ කේක් ඉල්ලුම සපුරාලීමට නොහැකි වී ඇති අතර මහා පරිමාණ බේකරි කිහිපයක් හැර කුඩා ප්‍රමාණයේ බේකරි කේක් නිෂ්පාදනය අත්හැර දමා ඇතැයි ද ඔහු පෙන්වා දෙනවා.

උත්සව සමයේදී බිත්තර හිඟයක් ඇති නොවන බවට බිත්තර නිෂ්පාදකවරුන් ප්‍රකාශ කළ ද මෙවර ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට ඔවුන්ට නොහැකි වී ඇතැයි ද එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළා.