― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋත්සව සමයේ ගම්බිම් යන අයට විශේෂ ප්‍රවාහන සේවාවක්

උත්සව සමයේ ගම්බිම් යන අයට විශේෂ ප්‍රවාහන සේවාවක්

එළඹෙන උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් අද (23) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යංශය දැනුම් දෙනවා.

ඒ අනුව මගී අවශ්‍යතාව මත ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් රථ අද (23) සිට ධාවනයට එක්කිරීමට පියවර ගෙන ඇති බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ. මේ අතර පිටකොටුව සහ මාකුඹුර ප්‍රධාන බස් නැවතුම්පළවල සිට බස් රථ 40ක් කොළඹ සිට පිට පළාත් වෙත යන මගී ජනතාව වෙනුවෙන් ධාවනයට යොදවා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

එමෙන්ම අද (23) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව ද පියවර ගෙන ඇති බව වාර්තා වනවා. ඒ අනුව අද (23) සිට ලබන 27 වැනිදා තෙක් මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

අද පස්වරු 07. 20ට කොළඹ කොටුවේ සිට බදුල්ල බලා විශේෂ දුම්රියක් ධාවනයට සැලසුම්කර ඇති අතර හෙට (24) සහ ලබන 26 වනදා පෙරවරු 7.10ට බදුල්ල බලා විශේෂ දුම්රිය දෙකක් ධාවනය එක්කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

එමෙන්ම කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර ද විශේෂ දුම්රිය දෙකක් 23 වනදා සහ 26 වනදා ධාවනයට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.