29.5 C
Colombo
Sunday, September 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportක්‍රීඩකයන් කෝටි ගණනින් අලෙවි වන IPL ක්‍රීඩක වෙන්දේසිය අද

ක්‍රීඩකයන් කෝටි ගණනින් අලෙවි වන IPL ක්‍රීඩක වෙන්දේසිය අද

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද (23) පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද පෙරවරු 2.30ට කොචිහිදී ආරම්භවන මෙවර වෙන්දේසියේ දී තරගාවලිය වෙනුවෙන් එක්ව සිටින කණ්ඩායම් දහයටම ඔවුන්ගේ සංචිත නැවත ගොඩනඟා ගැනීමට මෙහිදී සිදුවනවා.

මෙවර වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් දසදෙනෙකු නිදහස් කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සතුව මෙවර වෙන්දේසිය වෙනුවෙන් යෙදවීමට ඇති මුදල් සංචිතය පවතිනවා. එය ඉන්දීය රුපියල් කෝටි 42.25ක් බවයි වාර්තා වන්නේ.

වෙන්දේසිය වෙනුවෙන් යෙදවීමට ඇති අඩුම සල්ලි මල්ල මෙවර සතුවන්නේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සතුව වන අතර එය ඉන්දීය රුපියල් කෝටි 7.5ක්. මෙවර වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයින් 405 දෙනෙකු කෙටුම්පත්කර ඇති අතර වෙන්දේසියේදී මිලදී ගනු ලබන්නේ ඉන් උපරිම වශයෙන් ක්‍රීඩකයින් 87 දෙනෙකුට පමණක් බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 10 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. චාමික කරුණාරත්න, චරිත් අසලංක, දසුන් ශානක, ධනංජය ද සිල්වා, දිල්ෂාන් මධුසංක, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ලහිරු කුමාර එම ක්‍රීඩකයින් දසදෙනායි.

මෙවර වෙන්දේසිය වෙනුවෙන් එක් එක් කණ්ඩායම් සතුව යෙදවීමට ඇති මුදල් ප්‍රමාණය පහතින්.