― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනතාව දුක් විඳිද්දී පාලකයන් තරු 07 හෝටල්වල සැප ගන්නවා

ජනතාව දුක් විඳිද්දී පාලකයන් තරු 07 හෝටල්වල සැප ගන්නවා

දේශපාලඥයින්ට අවැසි ආකාරයට බෙහෙත්, ආහාර ලැබෙන නිසා ඔවුන් තරු 7 හෝටල්වල සුරසැප විඳින බවත් ඔවුන්ට ජනතාවගේ දුක නොතේරෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) ත්‍රිකුණාමල රෝහලට රුපියල් ලක්ෂ 39ක් වටිනා වකුගඩු කාන්දු පෙරණ යන්ත්‍රයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ වන විට අප රටේ බරපතළ ඖෂධ හිඟයක් පවතින බවත් රෝහල්වල මෙන් ම ෆාමසිවලත් බෙහෙත් නොමැති බවත් එසේ බෙහෙත් නොමැතිව වැඩිහිටියන්, මව්වරුන්, දරුවන් ආදී පුරවැසියන් රැකගන්නේ කෙසේද? යන්න තමා ප්‍රශ්න කරන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ මුදලට ගන්න හෝ බෙහෙත් නොමැති අවස්ථාවක බෙහෙත්වල මිල ඉතා ඉහළට ගොස් ඇති බවයි.

වෛද්‍යවරුන්ගේ සංගමය, රෝහල් අධ්‍යක්ෂවරු පවා කියා සිටින්නේ පුළුවන් තරම් සැත්කම් කළමනාකරණය කර ගන්නා ලෙසත් ඒ සඳහා අවශ්‍ය නිර්වින්ධන බෙහෙත් පවා නොමැති වීම අතිශය ගැටලුවක් බවත් මේකට හේතු වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතිශය දූෂිත වීම නිසා බවත් ඇතැම් ටෙන්ඩර් ක්‍රියාත්මක වන්නේ මාස 11කට පසුව බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ. මහ බැංකු වාර්තා අනුව බෙහෙත් සඳහා මාසෙකට ඩොලර් මිලියන 50ක් පමණ වැය වුණත් වත්මන් නායකයන්ට එම මුදල හෝ සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් ඔවුන් බෙහෙත්වලින් පවා සොරා කෑමට පුරුදු වී ඇති බවත් මේ තත්ත්වය ඉදිරියේ දී සමගි ජන බලවේගය බලයට පත් වූ පසු වෙනස් කර මෙවැනි කොමිස්කාරයන්ට පගාකාරයන්ට එරෙහිව පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

එමෙන් ම ජනතාවට වැඩ කිරීමේ හැකියාව, බලයක් නොමැති වුවත් ධානපතියන් හරහා ප්‍රතිපාදන, සම්පත් ලබා ගැනීමේ හැකියාවක් පවතින නිසා මෙරට රෝහල් රැසකට මිලියන ගණනින් බෙහෙත් ද්‍රව්‍ය ලබා දීමට හැකි වූ බවත් ඒ තුළින් දහස් සංඛ්‍යාත ජනයා සුවපත් වනු දැකීම තුළ තමා අතිශය සතුටට පත්වන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.