29.5 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් යූරියා පොහොර තොගයක් මෙරටට

තවත් යූරියා පොහොර තොගයක් මෙරටට

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 28,000 ක් රැගත් තවත් නෞකාවක් ඊයේ (22) අලුයම කොළඹ වරායට ළඟා විය.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ලෝක බැංකු ණය මුදලක් යටතේ මිලදී ගන්නා ලද මෙම පොහොර තොගය මැලේසියාවේ සිට දිවයිනට ආනයනය කර ඇති බවයි.

මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය කෙරෙන යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 110ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දුන්නේය.

මෙම ප්‍රදානය යටතේ මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි පන්දහසක යූරියා පොහොර තොගයක් දිවයිනට ආනයනය කෙරේ.