― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදිනේෂ් ෂාෆ්ටර් ඝා+තනය ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

දිනේෂ් ෂාෆ්ටර් ඝා+තනය ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් දුරකතන අංක රැසක්, CCTV දර්ශන මෙන්ම බැංකු වාර්තා සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් පැය 24 පුරා විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා.

සිද්ධියට අදාළ සැකකරු හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ.

දිනේෂ් ෂාෆ්ටර් මහතා ව්‍යාපාරිකයෙකු වන බැවින් ඔහු විවිධ ක්ෂේත්‍ර සමග සබඳතා පවත්වා ඇති බැවින් දුරකතන අංක රැසක් විශ්ලේෂණය කළ යුතු බව ද ඔහු සඳහන් කළා. එම අංක විමර්ශනයට වෙනම කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදු කරනනු ලබනවා. එමෙන්ම බැංකු ආශ්‍රිත විමර්ශන මෙන්ම CCTV දර්ශන ද ලබා ගනිමින් පරීක්ෂණ සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

ඊයේ (22) දිනය වන විට ප්‍රකාශ 58ක් පමණ ලබාගෙන ඇති අතර එම ප්‍රකාශවලින් අනාවරණ වන තොරතුරු මත තවදුරටත් ප්‍රකාශ ලබා ගැනීම හෝ විමර්ශන සිදුකරන බවයි නිහාල් තල්දූව මහතා කියාසිටියේ.

මෙය අභිරහස් ඝාතනයක් බැවින් නිවැරදි ප්‍රමාණවත් සාක්ෂි රැස්කරගෙන සැකකරු හඳුනා ගැනීමට යම් කිසි කාලයක් ගතවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.